Gossips

ඇමති මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතයි. පෙරවරු 8.30 ට ජනාධීපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බව රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අප කළ විමසීමකදී සනාථ කළා.
අමාත්‍ය ධුර සඳහා එක්සත් ජාතික පෙරමුණේ නාමලේඛනය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණේ ඊයේ දිනයේදියි.
මෙම නාමලේඛනය සකස් කිරීමට පෙර පෙරේදා දිනයේ පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මලික් සමරවික්‍රම සහ මනෝ ගනේෂන් යන හිටපු අමාත්‍යවරුන් අමාත්‍ය ධුර භාර නොගෙන සිටීමට කැමැත්ත පළ කර තිබූ අතර, රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාද ඒ පිළිබඳව සළකා බැලීමට එකඟත්වය පළ කර තිබුණා.