Gossips

ඇමති මංගලට ඒකාබද්ධයෙන් පිළිතුරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ සමයේදී අමාත්‍ය මංගල සමරවීර හමුවීමට නොගිය බව ඒකාබද්ධ විපක්ෂය අද (23) ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයා, තමන් හමුවීමට පැමිණි බවයි.
කෙසේ වෙතත්, එලෙස තමන් මංගල සමරවීර හමුනොවූ බව ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කළේ.
එහෙත්, අමාත්‍ය මංගල සමරවීර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවූ බවට සාක්ෂි ඒකාබද්ධ විපක්ෂය සතුව පවතින බව ඔහු සදහන් කළා.