Gossips

ඇමති මංගලගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම ජනපති, අගමැති සහ විපක්ෂ නායක ප්‍රධානත්වයෙන්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද පස්වරුවේ පැවැත්වුණා.
ඒ, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ සහභාගිත්වයෙන්.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් වූ මෙම උත්සවය සංවිධානය කර තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී.
ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.
මෙහිදී උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් වීම විශේෂත්වයක්.