Gossips

ඇමති මංගලගෙන් කාදිනල් හිමිපාණන්ට ප්‍රතිචාර

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනප්‍රිය වීමේ අරමුණින් සියලූ දේ වරද්දා ගෙන ඇති බව සදහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා.
ඒ කාදිනල් හිමිපාණන් පසුගියදා මානව හිමිකම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණේ කතෝලික මර්දනීය අතීතය ද කෙටියෙන් උපුටා දක්වමින්.
ඉන් අමාත්‍යවරයා සිහිපත් කරන්නේ මානව හිමිකම්වල මූලාරම්භය සනිටුහන් වීමට හේතුවූයේ කතෝලික සභාව අන්‍යාගමිකයින්ට එරෙහිව දියත් කල භීෂණකාරි තත්ත්වය බවයි.
එහිදී අමාත්‍යවරයා එකල කතෝලික සභාව සිය ආගම පිළිනොගන්නා සහ ප්‍රශ්න කළ පුද්ගලයින්ට දෙතිස් වද දී මරා දැමීම ඉලක්ක කර ගත් භීෂණකාරි සෝදිසිය සහ වෙනත් ආගම් වලට එරෙහිව සිය ආධිපත්‍ය පැතිරවීම සදහා දියත් කෙරුණු කුරුස යුද්ධය ද සිහිපත් කර තිබෙනවා.