Gossips

ඇමති පාඨලීට හෝමාගමදී විරෝධයක්

හෝමාගම තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනතාවගෙන් විරෝධය එල්ල වුණා.
හෝමාගම කේන්ද්‍ර කරගනිමින් ඉදිකෙරෙන තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉඩම් අත්පත්කරගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ හෝමාගම දෙල්ගහකන්ද ප්‍රජා ශාලාවේදී.