Gossips

ඇමති පාඨලීට මන්ත්‍රී හේෂාගෙන් පිළිතුරු

රටට අවශ්‍ය වන්නේ ජාතික ඇදුමින් වසා ගත් අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ බොරු දේශප්‍රේමය නොවන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඊයේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව, මාධ්‍යවේදීන් යළිත් වරක් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් නගන චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ නගන චෝදනා කුමක් ද යන්න පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවයි.