Gossips

ඇමති නවින්, ගෝඨාභය ජනපති අපේක්ෂකයෙකු කරයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේදී සුදුස්සාට සුදුසු තැන හිමිවනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති පුන්‍යොත්සවයකට එක්වෙමින්.
එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
නාරාහේන්පිට ගෞතම විහාරයේ දායක අභිමානී ප්‍රණාම උපහාර උත්සය අද පස්වරුවේ පැවැත්වුණේ අමාත්‍ය නවීන් දිසානායක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.