ඉදිරි ජනාධිපතිවරණයේදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමිවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අනුරාධපුර – නාච්චාදූව ප්‍රදේශයේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර – නැගෙනහිර ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.