Gossips

ඇමති කිරිඇල්ල, භික්ෂුන් වහන්සේ නමකට පරුෂ වචනයෙන් බැණ වදී

ගම්පොළ – නාවලපිටිය මාර්ගය, මරියවත්ත මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරතවුණා.
ඒ, මරියවත්ත මංසන්ධියේ සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින්.
මේ හේතුවෙන් ගම්පොල – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගත්තා.
විරෝධතාවට ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රදේශයේ මහා සංඝ රත්නයද වැඩම කර සිටි අතර, එහිදී ස්වාමීන් වහන්සේ නමක, රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේ තම ගැටළුවට විසඳුම් බලාපොරොත්තුවෙන්.
එම අවස්ථාවේදී අදාළ ස්වාමීන් වහන්සේ අමාත්‍යවරයාට දුරකථනයෙන් සිය ගැටළුව පිළිබඳව පැහැදිළි කළ අතර, එහිදී අමාත්‍යවරයා උන්වහන්සේට පරුෂ වචනයෙන් බැණ වැදුණා.
මෙම සිද්ධිය පිළිබදව අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ සභාවේ අවධානය යොමු කළා.