Gossips

ඇමති කිරිඇල්ලට මහා සංඝරත්නයේ විරෝධය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදී තිබූ ශාසනාභිමානී ගෞරව නාමය ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා.
ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා භික්ෂූවහන්සේ නමකට නොගැලපෙන වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
ගම්පොළ නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර භික්ෂූන්වහන්සේ නමක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ මෙම බැණ වැදීම සිදුවුණා.
අදාල ගම්පොළ නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 500ක මුදලක් අවභාවිත කර ඇතැයි සදහන් කරමින් නව සිංහලේ ජාතික සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
මේ අතර, අදාළ බැණ වැදීම සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් ද අදහස් පළ කළා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සිංහල රාවය සංවිධානය අද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හමුවුණා.