Gossips

ඇමති කිරිඇල්ලගේ ප්‍රකාශය අසත්‍යයක් – ජවිපෙ

නකල්ස් රක්ෂිතයේ කිසිදු ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා.
නකල්ස් රක්ෂිතයේ ස්වාරක්ෂිත කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (15) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.