Gossips

ඇමති අමරවීර ඡන්දය ගැන අපේක්ෂාවෙන්

ලබන ජනවාරි හෝ පෙබරවාරි මාසය වන විට පළාත් පාලන මැතිවරණය කුමන හෝ ක්‍රමයකින් පැවැත්වීම තම අපේක්ෂාව බව නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, පළාත් පාලන මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව අනුරාධපුරයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.