Gossips

ඇමතිවරුන් සහභාගී වූ උත්සවයක ආගමික වතාවත් ඉටු නොකිරීම ගැන චෝදනාවක්

නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සහභාගී වූ බිබිල ප්‍රදේශයේ උත්සවයකදී ආගමික වතාවත් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ හිමිනමකගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණා.
බිබිල – දොඩංගොල්ල මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ආගමික වතාවත්ඉටු නොකර උත්සවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ හිමිනමක් දෝෂාරෝපණය කරනු ලැබුවා.