Gossips

ඇබා යළි එක්වෙයි (ඡායාරූප)

ජනප්‍රිය පොප් සංගීතයේ ආරම්භක සංගීත කණ්ඩායමක් වූ ගායක, ගායිකා යුගල දෙකකින් සමන්විත ස්වීඩනයේ ඇබා සංගීත කණ්ඩායම යළි එක්වී තිබෙනවා.
70 සහ 80 දශකවල ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ ඔවුන් අවසන් ගීතය පටිගත කර තිබුණේ 1982 වසරේදියි.
ඔවුන් නැවතත් එක්වී නව ගීත දෙකක් ද එළිදක්වා තිබෙනවා.
බටහිර සංගීතයට සිදුකළ සේවාව වෙනුවෙන් ස්වීඩනයේ ඇබා කෞතුකාගාරයක් ද පිහිටුවා ඇති අතර, ඔවුන්ගේ ගී තැටි මිලියන 400කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවිවීම විශේෂත්වයක්.