ඔක්කම්පිටිය, මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම නිවසේ දරුවන් සමග නිදාගෙන සිටිය දී නිවසට ඇතුළු වී ඔවුන් නිදාසිටි ඇඳේ මදුරු දැල ඉවත් කිරීමට උත්සහ කල පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.
අදාල පුද්ගලයා ඉකුත් 29 වැනිදා රාත්‍රී 10.11 ට පමණ නිවසට ඇතුළු වී කාන්තාව සහ දරුවන් නිදා සිටි ඇඳේ මදුරු දැල ඉවත් කිරීමට ගිය අවස්ථාවේ කාන්තාව අවදි වී තිබෙනවා.
එම අවස්ථාවේ කාන්තාව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන්නේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.
