Gossips

ඇන්ටාක්ටිකාවේ හිම දියවීම වේගවත් වෙයි

දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි හිම ආවරණය වන ඇන්ටාක්ටික් අයිස් තට්ටුව දියවීම පසුගිය හතලිස් වසර තුළ 6 ගුණයකින් වේගවත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
මිනිසාගේ බලපෑමෙන් සිදුවන මිහිතලය උණුසුම්වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සාගර ජල මට්ටම ඉදිරි සියවස් කිහිපය තුළ දී මීටර් ගණනක් ඉහළ යා හැකි බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමිය මගින් සිදුකළ මෙම අධ්‍යයනයට අනුව 2009ත් – 2017ත් අතර කාලය තුළ වාර්ෂිකව ඇන්ටාක්ටිකාවේ අයිස් ටොන් බිලියන 252 බැගින් දිය වී තිබෙනවා.
1979ත්, 1990ත් අතර කාලය තුළ එලෙස හිම දියවීමේ වේගය ටොන් බිලියන 40කට සීමා වුණා.
පසුගිය සියවස තුළ ගෝලීය සාගර ජල මට්ටම ඉහළ ගොස් ඇත්තේ සෙන්ටිමීටර් 20කින් පමණක් වුවද ඇන්ටාක්ටිකාවේ අයිස් සියල්ල දිය වුවහොත් එමගින් සාගර ජල මට්ටම මීටර් 57කින් ඉහළ යනු ඇති.