Gossips

ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීමේ වේගය තුන් ගුණයකින් ඉහළට

ඇන්ටාක්ටිකා මහද්වීපයේ පවතින ග්ලැසියර වර්ෂයකට ටොන් බිලියන 200 ක් දියවී සාගර ජලයට එක්වන බවට සොයාගෙන තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත අනුව මේ බව අනාවරණ වී ඇති අතර, එය 2012 වසර සමඟ සසඳන විට තුන්ගුණයක ඉහළයාමක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.
ඒ හේතුවෙන් සාගර ජල මට්ටම වසරකට මිලිමීටර 0.6 ක් ඉහළ යන බවයි හෙළිවී ඇත්තේ.
මිහිතලය අධික ලෙස උණුසුම්වීම හේතුවෙන් මෙලෙස ග්ලැසියර දියවීමේ වේගය වැඩිවී ඇති බවයි විද්‍යාඥයන් අනාවරණ කර ඇත්තේ.