Gossips

ඇන්ජලෝ පෙරේරා පළමු පෙළ තරඟ ඉතිහාසය අලුතින් ලියයි

මෙරට පළමු පෙළ ක්‍රිකට් තරඟ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා අද සමත් වුණා.
ඒ පළමු පෙළ තරඟයක ඉනිම් දෙකක දී ද්විත්ව ශතක රැස් කරමින්.
එන්.සී.සී කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ පෙරේරා එස්.එස්.සී කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තරඟයේදීයි ඔහු මෙම දක්ෂතාව දැක්වුයේ.
එන්.සී.සී පළමු ඉනිමේදී ඇන්ජලෝ පෙරේරා පන්දු 203ක් තුල හයේ පහරවල් එකක් සහ හතරේ පහර 20ක් සමඟින් ලකුණු 201ක් රැස් කිරීමට සමත් වුණා.
මේ වන විට එන්.සී.සී කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන අතර දෙවන ඉනිමේදී ද ඇන්ජලෝ පෙරේරා ද්ව්ත්ව ශතකයක් රැස්කළා.
පන්දු 268ක් තුලදී දෙවන ඉනිමේදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 231ක්.
28 හැවිරිදි ඇන්ජලෝ පෙරේරා එන්.සී.සී කණ්ඩායමේ නායකත්වය ද උසුලනවා.