Gossips

ඇතෙකු නිසා කුරුඹියාකන්දේ ජනතාව අවදානමක

අස්වනු නෙලීමෙන් පසු නිවෙස් තුළ තිබෙන වී ආහාරයට ගැනීමට පුරුදු වී සිටින ඇතෙකු නිසා තිස්ස – කතරගම ප්‍රධාන මාර්ගයේ කුරුඹියාකන්ද ගම්මානයේ ජන ජීවිත අවදානමකට ලක්ව තිබෙනවා.
පස්වරු 4 පමණ ගම්වදින මෙම ඇතා නිවෙස් අසලට පැමිණ වී ගබඩාවේ බිත්ති හා වහල් ඉවත් කර වී ආහාරයට ගන්නා බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් බළධාරින් දැනුවත් කළ ද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවට කුරුඹියාකන්ද ගම්මානයේ ප්‍රදේශවාසීන් චෝදනා කළා.