මොණරාගල – ඇතිමලේ ප්‍රදේශයේ කලක් තිස්සේ ප්‍රදේශවාසීන් බියට පත් කරමින් ගම්මානයේ සැරිසැරූ කිඹුලෙකු අද (03) උදෑසන අල්ලාගෙන තිබෙනවා.
අඩි 08 කට ආසන්න දිගකින් යුතු මෙම කිඹුලා ප්‍රදේශයේ සුනඛයින්, කුකුළන් ඇතුළු සත්ත්වයින් රැසක් ගොදුරු බවට පත් කරගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් මෙම කිඹුලා ඇතිමලේ වනජිවි නිලධාරින් වෙත භාරදී ඇති අතර, සුදුසු ස්ථානයක් වෙත මුදා හැරීමට ඔවුන් කිඹුලා රැගෙන ගොස් තිබෙනවා.
