Gossips

ඇතිමලේ පාසලක සිසුන් ගෙදර නවතී

මොනරාගල – ඇතිමලේ කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට නිසි විසඳුම් ලබාදෙනතුරු සිය දරුවන් පාසලට නොයැවීමට දෙමාපියන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද (28) දිනයේ සිසු සිසුවියන් පාසලට නොපැමිණීම හේතුවෙන් පළමු වාර විභාගය ද කල් දැමීමටයි විදුහල්පතිවරයාට සිදුවුණේ.
මෙම ගැටලූව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කළ ද මෙතෙක් විසඳුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බව විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියන් ප්‍රකාශ කළා.