මොණරාගල – ඇතිමලේ – කොටියාගල – අක්කර 500 ප්‍රදේශයේ වළක වැටී සිටි වන අලියෙකු ඇතිමලේ වනජීවී කාර්යාල නිලධාරින් විසින් මුදාගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම වන අලියා මුදාගෙන ඇත්තේ.
මෙලෙස ගොඩ ගත් වන අලියා පසුව යාල වනෝද්‍යානයට පළවා හැරීමට ඇතිමලේ වනජීවී කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
