Gossips

ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුදලට තරඟ පාවාදෙන බවට හිටපු සුපිරි පිතිකරුවා ප්‍රසිද්ධියේ කියයි

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී ලැබූ දරුණු පරාජය පිළිබඳව සමාජයෙන් දැඩි විවේචනයක් එල්ලවෙමින් පවතිනවා.
මේ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවෙන් බිහි වූ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතුල සමරසේකර සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ චන්දික හතුරුසිංහ නොව කවුරු පුහුණුකරු ලෙස ක්‍රියා කලත් මුදලට තරඟ පාවා දෙන ක්‍රීඩකයින් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගමන් කල නොහැකි බවයි.
ඔහු සිය ෆේස් බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබෙනවා.
"හැබැයි හතුරුසිංහය තියා හතුරුසිංහයගෙ
හත්මුතු පරම්පරාවම අාවත් …
ඔය බයින් අැන්ඩ් සෙලින් කාරයො ටික ඉන්‍නකං අපි මැච් දිනන්නෙ නං නෑ …"
"ඔය මැච් විකුනන එවුන් ටික
අැතුලට යවන්‍න ඕනෙ අායෙත්
ගේමට බහින්න බැරිවෙන්නම …
ෆස්ට් ඔෆ් ඕල් …"
එමෙන්ම ඇතැම් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපයද අතුල සමරසේකර විසින් දැඩි සේ විවේචනයට ලක් කර තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයින් තම ස්ථානය රැකගැනීම ක්‍රීඩා කරන බවත් ඔහු සදහන් කරනවා.
"හැබැයි උෟ ගාන ගහන්නෙ
වෙන මක්කටවත් නෙවි
උගෙ ප්ලේස් එක තියා ගන්නයි"
"බයින් අැන්ඩ් සෙලින්
කරන ලෙජන්ඩ්ල දෙන්න අැතුලට …
උන් තමයි ලොකුම විෂබීජ …
උන්ට පොඩි එකෙක් දකින්න බෑ …
උන් ඉන්නෙ නං නිකං
අපි මැච් විකුනනව වගේ …
දෙවෙනියට හාල්මැස්සො ටික …
හාල්මැස්සො ගැන දුක තමයි …
ඒත් උන් දැන් අහුවෙල අහවර නිසා
උන්ට නෝ චොයිස් …
කියන විදියට වැඩ නොකලොත්
පවුලම අනතුරේ …"
අතුල සමරසේකර ෆේස්බුක් ගිණුමේ තැබූ සම්පුර්ණ සටහන් පහතින්,