Gossips

ඇතාගේ ගැටුණු වෑන් රථය

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඇතෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු සුළු තුවාල ලබා තිබෙනවා.
අද (19) අලුයම 6ට පමණ මොරගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු බැලීමට යන අවස්ථාවේ එප්පාවල ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම අනතුට මුහුණ පා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 05 දෙනෙකු සිට ඇති බව සඳහන්.
උදෑසන පැවති මිදුම් සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ගය හරහා ගමන් කරමින් සිටි ඇතාගේ ශරීරයේ වෑන් රථය ගැටී තිබෙනවා.