අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක මතයකට පැමිණීමට නොහැකි වූ කරුණු ඉදිරියේදී රටට හෙළි කරන බව එහි මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
නිදහස් පක්ෂ සහ සන්ධාන මහ ලේකම්වරුන් මහ කේලම්වරුන් ලෙස හඳුන්වමින් හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා දැක්වූ අදහස් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සිය මතය ප්‍රකාශ කළා.
මහලේකම්වරුන් ලෙස අදාළ වගකීම් ඉටුකළ යුතු බවයි ඔහු එහිදී කියා සිටියේ.
ජාතික ආණ්ඩුව ඉදිරියටත් පවත්වා ගත යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ අතර, ලබාදී ඇති මාධ්‍ය නිදහස සුදුසු අයුරින් භාවිත කළ යුතු බවටද ප්‍රකාශ කිරීමද විශේෂත්වයක්.