පානදුර නගරයේ එළවළු වෙළඳාම් නිරතව සිටි තරුණයෙකුගේ එළවළු කරත්තය මහ මඟ පෙරලා ඇති බව දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුල සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වුණා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ අදාල තරුණයාගේ එළවළු කරත්තය මෙලෙස මහ මඟ පෙරලූ පුද්ගලයෙකු පිළිබඳ සඳහනක් වුයේ නැහැ.
එම අවස්ථවේ අදාලතරුණයා ආවේගශීලීව පවසන්නේ තමන් නිත්‍යානුකූල ලෙස ව්‍යාපාරයක් කරමින් ජීවත් වීමට උත්සාහ කළත් බලධාරීන් ඊට ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමේ තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වල මේ වනවිට සැරිසරමින් පවතිනවා.
එහි දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් පැමිණ අදාල කරත්තය ඉවත් කිරීමට උපදෙස් ලබා දෙන අවස්ථාවේ එළවළු කරත්තය හිමි තරුණයා විසින්ම තමන්ගේ එළවළු කරත්තය මෙලෙස මහ මඟ පෙරලා දමන ආකාරයයි.
rnrn