Gossips

ඇඟළුම් අපනයන වර්ධනය අපේක්ෂිත මට්ටමක නැහැ

මේ වසරේ පළමු කාර්තුවේදී යුරෝපයට සිදුකළ මෙරට ඇඟළුම් අපනයනයන් වර්ධනය වී ඇත්තේ සියයට 5 කින්. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නැවත හිමිවීමත් සමඟ මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 12.5 ක වර්ධනයක් අපේක්ෂා කෙරුණා.
එහෙත් යුරෝපයට මෙවර දීර්ඝ ශීත ඍතුවක් පැවතීම හේතුවෙන් ඇගළුම් අපනයනය ප්‍රමාණවත් පරිදි සක්‍රිය වී නොමැති බවයි ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සම්මේලනය සඳහන් කළේ.