Gossips

ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් ගැටී 19 දෙනෙකුට තුවාල

අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ මාදොල ප්‍රදේශයේදී ඇඟලූම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ එම ආයතනයේම සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක ගැටීමෙන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ පස්වරු 6ට පමණ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ නමුත්, තුවාල ලැබූ සේවිකාවන් බොහෝ දෙනෙකු මේ වන විට රෝහලෙන් නික්ම ගොස් ඇති අතර, තවත් 3 දෙනෙකු පමණක් අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.