Gossips

ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ අනතුර (ඡායාරූප)

පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව, හැළඹවටවන ප්‍රදේශයේදී බස් රථයක් නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් 35 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද (03) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල සේවිකාවන් හතළිහකට ආසන්න පිරිසක් සිට ඇති බවට වාර්තා වනවා.
යාපනයේ සිට හලාවත දක්වා පොල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් කාර්මික දෝෂයකට ලක් වීමෙන් මාර්ගය අසල නවතා තිබියදී මාර්ගයේ පැමිණි බස් රථය එහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.