Gossips

ඇගයීම් ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

ආර්ථික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 1300 ක් ඇගයීමට ලක් කිරීම සඳහා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ඵලදායීතාව සහ එමඟින් ජන ජීවිතයට සිදුවන බලපෑම පිළිබඳව නව ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය මගින් විමසා බැලීමට නියමිතයි.
විවිධ පාර්ශවවලට අයත් විද්වතුන්ගේ යෝජනා මත මේ වනවිටත් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය සකස් කර අවසන්.