2019 ආහාර සුරක්ෂිතතා සතිය අද සිට ලබන 7 වනදා දක්වා ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මෙවර එහි තේමාව වී ඇත්තේ සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි.
සුරක්ෂිතව පිළි නොගන්වන ආහාර මිලදීගැනීම ප්‍රතික්ෂේප කර එම ආයතන පිළිබඳ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම මෙමඟින් අපේක්ෂිතයි.
