අනුරාධපුරය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවූ මොණරාගල ප්‍රදේශයේ සිසුන් 46 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් අද අලුයම අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිසුන් පිරිස නවාතැන් ගත් අනුරාධපුර විහාරස්ථානයක දී ඔවුන් විසින්ම සකස් කරගත් ආහාර අනුභව කිරීමෙන් අනතුරුවයි මෙම අසාත්මිකතාව ඇතිවුණේ.
රෝහල් ගත කෙරුණු සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
