Gossips

ආහාර විසවීමකින් වටවල ළමයින් 54 ක් රෝහලේ

වටවල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි ළමයින් 54 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ රෝහල් ගතකළා.
වයස අවුරුදු 6 ත් 13 ත් අතර ළමයින් පිරිසක් මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ක්ලාන්තය සහ වමනය හේතුවෙන්.
එම මධ්‍යස්ථානයෙන් ලබාදුන් දිවා ආහාරය විෂවීමෙන් මෙම අසාත්මිකතාව ඇතිව තිබෙන බවයි වාර්තාවන්නේ.
රෝහල් ගතකළ ලමයින්ගෙන් තිස් දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, තවදුරටත් විසි දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනවා.