පිරිවෙන ආහාර විෂ වීමක් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකු ඇතුලු 46 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
අද දහවල් කැකිරාව පෙරියකුලම ප්‍රදේශයේ පිහිටි පිරිවෙනකින් ආහාර ලබාගත් පිරිසකුයි මෙලෙස රෝගී වී ඇත්තේ.
හදිසියේ රෝගාතුර වූ ඔවුන් මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.
කැකිරාව පොලිසිය ආහාර විෂවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
