Gossips

ආහාර රස කාරකය වල් නාශකයක් වෙලා – GMOA

රජය ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමෙන් පසු වල් නාශකයක් ලෙස msg හෙවත් මොනො සෝඩියම් ග්ලූටමේට් නැමති ආහාර රස කාරකය වල් නාශකයක් ලෙස භාවිත කිරීමට ගොවීන් පෙළඹී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (26) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය – විධායක කමිටු සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
– එතකොට අපි තේරුම් ගන්න ඕනේ සත්තු මරන්න, වල් පැළෑටි මරන්න ගන්න දෙයක් මොකටද රසකාරකයක් විදිහට යොදාගන්නේ. එම නිසා මෙය රට තුළ තහනම් කිරීමට කාලය ඇවිල්ලා තියෙන්නේ.