Gossips

ආහාර මිල වැඩි කිරීමට ඉඩ නොතබන බව පාරිභෝගික අධිකාරිය කියයි

රජය ගෑස් මිල වැඩිකිරිම හේතුකරගෙන එහි වාසි ලබා ගනිමින් ආහාර මිල වැඩි කිරිමට ආපනශාලා හා හෝටල් හිමියන්ට ඉඩ ලබා නොදෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ වර්තමානයේ ගෑස් මිල රුපියල් 245කින් වැඩිකලද මීට පෙර 2014 – 2015 වසරවලදි පැවති මිල ගණන් අනුව සෑසදිමේදි එය අඩුමට්ටමක පවතින බවයි.
ඒ අනුව කිසිදු ආහාරයක මිල වැඩිකිරිමට හේතුවක් නොමැති බවයි පාරිභෝගික අධිකාරිය පෙන්වා දෙන්නේ.