Gossips

ආහාර පිසීමේ නැකත පෙරවරු 10.40 ට

ආහාර පිසීමේ නැකත උදාවීමට නියමිතව ඇත්තේ පූර්ව භාග 10.40 ට යි.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ සුබ නැකත පූර්ව භාග 11.53 ට යෙදී තිබෙනවා. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන්.
මේ අතර, පූර්ව භාග 11 යි 53 ට යෙදී ඇති වැඩ ඇල්ලීමේ නැකතට ගසක් රෝපණය කරන ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.