Gossips

ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ අමානුෂික පහරදීම

මීගමුව මහවීදිය ප්‍රදේශයේ ආපන ශාලාවකට පැමිණි පිරිසක් එහි ආහාර ගමින් සිටින පුද්ගලයෙකුට අමානුෂික ලෙසට පහරදෙන ආකාරය එම ස්ථානයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා.
පොලු මුගුරු රැගෙන පැමිණි පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 30 වනදා රාත්‍රී 9.50 ට පමණ මෙම පහරදීම සිදුව තිබෙනවා.
තුවාල ලබා ඇත්තේ මීගමුව ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයෙකු වන 54 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු දරුවන් 5 දෙනෙකුගේ පියෙක්.
තුවාලකරු මේ වන විට මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම පහරදීමට හේතුව මීට පෙර අවස්ථාවක සිදුවු බහින්බස්වීමක් දුරදිග යාම බවටයි අනාවරණ වී ඇත්තේ.
පහරදීමට සම්බන්ධ එක් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.