Gossips

ආසියාවේ ශූරයින් සොයන සටනට හොං කොං එක්වෙයි

ආසියානු කුසලාන තරඟාවලියේ සිය ස්ථානය තහවුරු කරගන්නට හොං කොං කණ්ඩායම පසුගියදා සමත් වුණා.
ඒ ආසියානු කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවති තරඟාවලියේ අවසන් තරඟයේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයකර පෙරළිකාර ජයක් ලබමින්.
එනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ හොං කොං කණ්ඩායම් මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් තරඟ බිමට පිවිසෙනු ඇති.
ආසියාවේ වත්මන් ක්‍රිකට්‌ ශූරයින් තෝරාගනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරඟාවලිය ලබන 15 වනදා ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු තරඟයෙන් ඇරඹෙන මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ මෙම මස 28 වැනිදායි.
මේ වන විට පවත්වා ඇති ආසියානු කුසලාන තරඟාවලි 13න් ශ්‍රී ලංකාව අවස්ථා 05කදී ශුරතාවයට හිමිකම් කියා ඇති අතර ඉන්දියාව අවස්ථා 06කදී සහ පාකිස්ථානය අවස්ථා දෙකකදී ආසියාවේ ශුරයින් බවට පත්ව තිබෙනවා.
අවසන් වරට 2017 වසරේ පැවති ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාව හිමිකර ගත්තේ ඉන්දියාවයි.