Gossips

ආසියාවම තිගැස්සෙමින් ඉන්දීය පකිස්ථාන යුද්ධය තවත් ඇවිලෙයි – පකිස්ථානයෙන් ඉන්දියාවට දරුණු ප්‍රහාරයක්

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලු බව පාකිස්ථානය ප්‍රකාශ කළා.
එහිදී ගුවන් නියමුවෙකු ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසීෆ් ගෆූර් සඳහන් කළේ.
එක් යානාවක් කාශ්මීරයේ පාකිස්ථානය විසින් පාලනය කරන ප්‍රදේශයේදී බිම හෙලා ඇති අතර අනෙක් යානාව වෙඩි තබා බිම හෙලනු ලැබුවේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයේදීයි.
කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව ඊයේ පාකිස්ථානය තුළ පිහිටි ත්‍රස්තවාදී කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.
එම ප්‍රහාරයෙන් පසුවයි පාකිස්ථානය අද දිනයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලනු ලැබුවේ.
කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානාවක් කාශ්මීර ප්‍රදේශයේදී කඩා වැටී ඇති බවයි.
එම අනතුර වෙඩි තැබීමකින් සිදුවූවා ද එසේ නොමැති නම් කාර්මික දෝෂයක් නිසා සිදුවූවා ද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැති බව එම වාර්තාවල සඳහන්.


——————————————————————————
rnrnUpdate – WEDNESDAY, 27 FEBRUARY 2019 – 11:06 ඉන්දියාවේ ගුවන් ප්‍රහාරයට පාකිස්ථානයෙන් ප්‍රතිප්‍රහාරයක්rnrn
ඉන්දීය දේශසීමාව ආසන්නයට පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් මෝටාර් සහ සුළු අවි ප්‍රහාරයක් එල්ලකළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙය ඉන්දීය ප්‍රහාරක යානා විසින් එල්ලකළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මේ අතර ඉන්දීය ආරක්ෂක අංශ චෝදනා කරන්නේ සිවිල් වැසියන්ගේ නිවාස කිහිපයකටද ශෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවටයි.
මේ වනවිට ඇතිව තිබෙන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරු විසින් දෙරටේම ආරක්ෂක මණ්ඩල කැඳවා තිබෙනවා.
දේශ සීමා මුල්කර ගත් ඉන්දු – පාකිස්ථාන අර්බුදය උග්‍ර කරමින් පාකිස්ථාන ගුවන් කලාපයටද ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාව එරට ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර ඊයේ අලුයම ගුවන් ප්‍රහාර එල්ල කළා.
1971 වසරේදී කාෂ්මීරයේදී ඉන්දු – පාකිස්තාන දේශ සීමා මුල් කර ගනිමින් ආරම්භ වූ යුද්ධයට පසු එම කලාපයට එල්ල වූ පළමු ගුවන් ප්‍රහාරය මෙයයි.
කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු ලේකම් විජේ ගෝකල් පැවසුවේ ත්‍රස්තවාදීන් පාලනය කිරීමේ ප්‍රහාරයක් මිසක් මෙය පාකිස්ථානයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් නොවන බවයි.
ඉන්දු – පාකිස්ථාන දේශ සීමාවේ කාෂ්මීරයේ පාකිස්ථානයට අයත් පාලන ප්‍රදේශයක්වන බාලාකෝට් හි ජෙයිශ් – ඊ – මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායමට අයත් පුහුණු කඳවුරක් ඇතුළු ත්‍රස්ත ඉලක්ක කිහිපයකට ඉන්දීය ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරනු ලැබුවේ ඊයේ අලුයම 3.30 ට පමණ.
මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක යානා මගින් එල්ල කළ එම ප්‍රහාරයට කිලෝග්‍රෑම් දහසක පමණ බරින් යුතු ලේසර් මගින් හසුරුවන අධිබලැති බෝම්බ භාවිත කර තිබෙනවා‍.
ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ ජෙයිශ් – ඊ – මොහොමඩ් ත්‍රස්ත කඳවුරේ පියගැට පෙළක සිතුවම්කර තිබූ බව කියන ඇමරිකා – බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල ධජ සහිත ඡායාරුපයක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
පසුගිය පෙබරවාරි 14 වැනි දින කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක්වන පුල්වාමා හි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එම ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබුවේ පාකිස්තානය නිජබිම කරගත් ජෙයිශ් – ඊ – මොහොමඩ් ත්‍රස්ත කණ්ඩායමයි.
ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පාකිස්ථාන දේශ සීමාවේ සිටින ත්‍රස්ත කන්ඩායම් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
විජය ගෝකල් – ඉන්දීය විදේශ ලේකම්
ගුවන් ප්‍රහාරවලින් සන්නද්ධ කැරළිකරුවන් විශාල පිරිසක් මිය යන්නට ඇති. නමුත් ඉන් සිවිල් වැසියන්ට හානියක් නොවන පරිදි ප්‍රහාර එල්ල කිරීමට අප කටයුතු කළා. ජෙයිශ් – ඊ – මොහොමඩ් කණ්ඩායම ඉන්දියාව තුළ තවත් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට සැලසුම් කර ඇති බවට අපගේ බුද්ධි අංශ වෙතතොරතුරු ලැබී තිබෙනවා. එවැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්නට පූර්ව ප්‍රහාරයක් එල්ල කිරීම අත්‍යවශ්‍ය වුණා.
ප්‍රහාරයෙන් පසු විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර ඇත්තේ ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවයි.
මේ අතර ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධීද ට්විටර් පණිවිඩයක් මගින් ඉන්දීය ප්‍රහාරක යානාවල නියමුවන්ට සුබපතා තිබෙනවා.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ද ඉහළ පෙළේ නිලධාරීන් සමඟ හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මොහොමඩ් කුරේෂි – පාකිස්ථාන විදේශ අමාත්‍ය
ඉන්දියාව පළමුව අද අපට එදිරිව ක්‍රියා කළා. එය දේශ සීමා නීති උල්ලංඝනය කිරීමක්. කෙසේ වෙතත් තම ආරක්ෂාව වෙනුවෙන් නිවැරදි වෙලාවට නිවැරදි දේ කිරීමට පසුබට වෙන්නේ නැහැ.
ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් අසීෆ් ගෆූර් ට්විටර් පණිවිඩයක් මගින් චෝදනා කරන්නේ ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා තම රටේ ගුවන් කලාපයද ආක්‍රමණය කළ බවයි.
ඊට ප්‍රතිචාර ලෙස පාකිස්තාන ප්‍රහාරක ජෙට් යානාද පියාසර කරවීමත් සමඟ ඉන්දීය යානා පසුබැස ගිය බව ඔහු පවසනවා.
කෙසේ වෙතත් න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය තුළ දෙරටේ ක්‍රීඩාවටද බලපෑම් එල්ලව තිබෙනවා.
ඒ අනුව එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගයට සහභාගි නොවීම සම්බන්ධව ඉන්දීය රජය ගන්නා තීරණයට අනුව ක්‍රියාකරන බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසනවා.
rnrnrnrnrnrn