Gossips

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2019 වසරේදී සියයට 3.6ක් ලෙස ප්‍රකෘතිමත් වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.
එහි දත්තවලට අනුව 2018 වසරේදී මෙරට ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 3.2කින්.
කෘෂිකර්ම සහ කර්මාන්ත ක්‍රියාකාරකම්වල ස්ථාවරභාවය හේතුවෙන් මේ වසරේදී ආර්ථික වර්ධනයේ යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කළා.
කෙසේ නමුත්, ඉදිරි වසර 2 තුළ වර්ධනය වේගවත් කිරීමට නම්, මූල්‍ය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ.