Gossips

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන මූල්‍යාධාර වැඩි වෙයි

ක්ෂුද්‍ර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙරට බැංකු හරහා ලබාදෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 175 දක්වා ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ සඳහා 2016 වසරේ අග භාගයේ ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍යාධාරය මුළුමනින්ම භාවිත කර ඇති අතර, ඉන් ප්‍රතිලාභ ලද සංඛ්‍යාව 1700 කට අධිකයි.
එහිදී කාන්තාවන්ට සහ පළමුවර ණය ලබා ගන්නන්ට සියයට විස්ස බැගින් වෙන් කිරීමේ ඉලක්ක ඉක්මවා යාමද විශේෂත්වයක්.
ඇමරිකානු ඩොලර් මිලියන 75 ක අතිරේක මූල්‍යාධාරය බැංකු 10 ක් හරහා 2020 වනවිට සම්පූර්ණ කිරීමටයි ආසියානු සංවර්ධන බැංකුව සැලසුම් කර ඇත්තේ.