ආසියානු සංවර්ධන බැංකුව මගින් ඉදිරි තුන් වසර තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක සංවර්ධන මූල්‍යාධාර ලබාදීමට එකඟ වී තිබෙනවා.
එහි උප සභාපති වෙන්කල් ෂෑන් ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයකින් අනතුරුව මේ බව තහවුරු කළා.
2019 වසරේ සිට 2021 දක්වා වසරකට ඩොලර් බිලියනය බැගින් ලබාදෙන මෙම මූල්‍යාධාර යටතේ වරාය, දුම්රිය සේවා, මහා මාර්ග, ද්විතියික සහ උසස් අධ්‍යාපන, විදුලි සම්ප්‍රේෂණ හා බෙදා හැරීම්, ධීවර, වාරිමාර්ග මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇති.