ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධාන කරන 2018 ආසියානු අභියෝගතා පිරිමි වොලිබෝල් ශූරතාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව, මෙම තරඟාවලිය ලබන සැප්තැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා රටවල් 10 ක ක්‍රීඩකයින් එක්වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය ප්‍රකාශ කළා.
