Gossips

ආසියානු රටවල් කිහිපයක කොටස් වෙළඳපොළ පහතට

ඇමරිකානු කොටස් වෙළදපොළේ පහත වැටීම හමුවේ ආසියානු කලාපයේ රටවල් කිහිපයක කොටස් වෙළදපොළ ද මේ වන විට පහත වැටීමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ සියයට 0.7කින් සහ දකුණු කොරියානු කොටස් වෙළඳපොළ සියයට 0.9කින් පහත වැටී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඇමරිකාව සහ චීනය අතර දිගින් දිගටම පවතින වෙළඳ අරගලය මීට හේතුව බව ද එම වාර්තාවල සඳහන්.