Gossips

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතා ජේතවනාරාම පිං බිමේදී සියළු ශරීරාංග දන් දෙයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පුද බිමේදී අද (30) උදෑසන ආරම්භ වුණා.
මේ වන විටත් අති විශාල බැතිමතුන් පිරිසක් ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීම සඳහා එහි පැමිණෙමින් සිටිනවා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු උත්තම ධාතු වන්දනාව මෙවර සංවිධාන වන්නේ අඛණ්ඩව 06 වන වරටයි.
මෙම පිං කටයුත්තට සමගාමීව ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දීමේ උදාර කටයුත්තට ද අද (30) පෙරවරුවේ එක්වුණා.
ඒ, තමන්ගේ ශරීර අවයව තවත් දිනෙක, තවත් කෙනෙකුට ජීවිතය දකින්නට ඉඩ ලබාදෙමින්.
මෙම පිං කටයුත්ත සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට ජේතවන පිං බිමට පැමිණෙමින් සිටින සැදැහැවතුන්ට මෙන්ම මුළු රටටම ආදර්ශයක් වනවා.