Gossips

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර 200 රිදී පදක්කම ලංකාවට

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර 200 පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සමත්වුණා.
තත්පර 20.43 කින් ඔහු තරගය නිමා කළ අතර, එහි රන් පදක්කම දිනාගත්තේ තත්පර 20 කින් තරගය අවසන් කළ පිලිපීන ක්‍රීඩක බිනෝ ආමන් විසින්.
ලෝකඩ පදක්කම ඉන්දියානු ක්‍රීඩකයෙකුට හිමිවුණා.
මේ අතර පිරිමි හෙල්ල විසිකිරීමේ තරගයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහ අජිත් වේරගොඩ එහි රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්තා. එම ඉසව්වේ රන් පදක්කම හිමිවුණේ ඉන්දුනීසියානු ක්‍රීඩක බිලී යොහානිස් ටයි.