Gossips

ආසියානු නැගී එන කණ්ඩායම් තරගාවලිය කොළඹදී අද ඇරඹේ

ආසියානු ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරන වයස 23 න් පහළ ආසියානු නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තරග අද කොළඹදී ආරම්භ වනවා.
තරගාවලියේ බී කාණ්ඩයේ තරග ඊයේ පාකිස්ථානයේ කරච්චි නුවරදී ආරම්භ වුණා.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 8 ක් අතුරෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ඕමානය ඒ කාණ්ඩය යටතේ තරග වදිනවා.
පාකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩයේ තරග වදින අතර, සෑම කාණ්ඩයකම වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.
අවසන් පූර්ව තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.
ඒ කාණ්ඩයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඕමානය සමග තරග වදින අතර, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය සී.සී.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.