Gossips

ආසියානු දැල් පන්දු ශූරියන් සුගතදාස ඉල්ලයි

ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.
ඔවුන් පිළි ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම දැල් පන්දු සංගමයේ නිලධාරීන් ද එක්ව සිටි අතර, දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය කියා සිටියේ පුහුණුවීම් සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ලබාදීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් එය අගය කරන බවයි.