Gossips

ආසියානු කුසලාන ලබන සැප්තැම්බරයේ

2018 ආසියානු කුසලාන එක්දින තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිතයි.
මේවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 06ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදින අතර තරඟාවලියේ පළමු තරඟය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.
සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, නේපාලය, මැලේසියාව සහ හොංකොං කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරඟාවලියට පෙර පැවැත්වෙන තරඟාවලියකින් අනතුරුව ජයගන්නා කණ්ඩායමට ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම අතර එක්වීමට නියමිතයි.
මෙවර තරඟාවලියේ "ඒ "කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්ථානය සහ තෝරා ගන්නා කණ්ඩායම තරඟ වදින අතර "බී" කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ වදිනු ඇති.
මෙවර ආසියානු කුසලාන තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමට මිට පෙර සැලසුම් කර තිබුනද ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලනික මත ගැටුම් හේතුවෙන් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි කරයුතු කෙරුණේ.
පසුගිය වර ආසියානු කුසලානයට හිමිකම් කියන්නට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
2018 ආසියානු කුසලාන තරඟ කාලසටහන පහතින්.